,

වාර්ෂිකව සිදු කරන්නාවූ කතරගම කිරිවෙහෙර සහ ගණ දේවාලය ආශ්‍රිත ගුරු සමාධි අලුත් වැඩියාව 2025.

අධ්‍යාත්මික ක්ෂේත්‍රයේ ඉතා වැදගත් වූ ස්ථානයක් වන කතරගම කිරිවෙහෙර සහ ගණ දේවාලය ආශ්‍රිත ගුරු සමාධි අලුත් වැඩියාව. 2025 ජූනි මස 09 වන සදුදා අප සාමාජිකයන්ගේ සහභාගීත්වය සහ ශ්‍රමදායකත්වය මත සිදුකළ වගයිි.

යෝගාවචර උතුමන් වහන්සේලාගේ පහස ලැබූ කතරගම පුදබිම, ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ ගමන් කරන්නාවූ අප සියලු දෙනා හට ඉතා වැදගත් භූමියකි. මෙහි ඇති ඓතිහාසික වටිනාකම මෙන්ම වර්තමාන යෝගී සහ භාවනාව පුහුණු කරන යෝගීන්ට කතරගම ඉතා වැදගත් වන්නේ මහා සිද්ධ යෝගී බෝගනාථ තුමා, මහා සිද්ධ යෝගී බාබාජි තුමා පා තැබූ පුදබිමකි. කතරගම යනු යෝග වලට අධිපති ශිව දෙවිඳුන්ගේ පුතෙකු වන කතරගම දෙවියන් වැඩ සිටි පුරවරය වේ. යෝගීන්ට ආශිර්වාද ඇති පුදබිමකි.