දැක්මඅවිද්යාව, ගැටුම සහ දුක පිටු දැක සාමය සහ සතුට සඳහා මග පෙන්වීම.
මෙහෙවරආධ්යාත්මික පුහුණුව ප්‍රායෝගිකව සිදු කරන අයුරු ප්‍රචලිත කිරීමෙන් දහම ජීවිතය තුළ යථාර්ථයක් කරගැනීමට මග පෙන්වීම.
ජීවත්වීමේදී පැන නගින ගැටලු තමා තුළින්ම විසඳා ගැනීමට මඟ පෙන්වීම.
සොබාදහමේ සුරක්ෂාව තුළ මිනිසාගේ ආරක්ෂාව තහවුරු කිරීම.
භාවනාව යනු ඔබ ඔබගේ ආධ්‍යාත්මය කරා ගමන් කරන්නා වූ අභ්‍යන්තර දොරටු විවර කරන්නා වූ, ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සිතේ සමාහිත භාවය හෙවත් මෙම කාලගෝට්ටිය, කලබැගෑනිව සංසිඳු වන්නා වූ ප්‍රායෝගික ක්‍රමයයි.
භාවනාව යනු දැනුවත්භාවය පිළිබඳ පුහුණුව සහ මනස උත්තරණය කිරීමට මගක් වෙයි. එය ඔබේ සිතුවිලි හෝ හැඟීම් නිවා දැමීමට උත්සාහ කිරීම නොවේ, නමුත් විනිශ්චයකින් තොරව ඒවා නිරීක්ෂණය කිරීමට ඉගෙන ගැනීමට උපකාරී වේ.
එය ප්‍රාථමික මානව බුද්ධිමය සහ චචින්තනය යන සන්දර්භ නිරීක්ෂණය කර ලබන අත්දැකීම් වලින් ඔබ්බට අධ්‍යාත්මික තීක්ෂ්ණ බුද්ධිය ප්‍රබෝධමත් කිරීමට මඟ පාදයි.
යෝග යනු ශරීරය සහ මනස ස්වයං නිරීක්ෂණය කිරීමට සහ ඒවායේ ස්වභාවය පිළිබඳව දැනුවත් වීමට පුහුණු කිරීම සඳහා වන අධ්‍යාත්මික සංවර්ධන පිළිවෙත් වේ. "යෝගා" යන වචනයේ සෘජු තේරුම නම් “එකතු කිරීම," හෝ "නිරීක්ෂණය කිරීම" යන අර්ථයන්ගෙන් යුක්ත වන අතර, ඒ හරහා නියමිත ව්‍යායාම පද්ධතියක් මගින් භෞතික ශරීරයත් අධ්‍යාත්මික ශරීරයත් එකතු කිරීමේ අරමුණ පසුපස ඇත.
යෝග සඳහා පරිපූර්ණ දිශානතියක් ඇත. එය ශරීරයේ ශක්තිය, නම්‍යශීලීභාවය සහ සමතුලිතතාවය වැඩි දියුණු කිරීමට ක්‍රමයක් වන අතර, එහි ප්‍රතිලාභ මානසිකව මෙන්ම පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා ද විහිදේ. අපි ප්‍රධාන වශයෙන් පතංජලි සහ හත යෝග අනුගමනය කරමු.
ධර්මය තුළ, යෝනිසෝ මනසිකාරය, නුවණින් සිතා බලන ආකාරය, සාකච්ඡා පදනම් කරගත් ධර්ම කථා හුවමාරු, සහ කල්‍යාණ මිත්‍ර සෙවනය වැනි පිළිවෙත් බොහෝ ඇත. බුදුන් වහන්සේ "සත්පුරුෂ සේවනය" – සත්පුරුෂයන්ගේ සන්ධානය අගය කළේය. එවැනි සන්ධානයක, එක් එක් පෞරුෂයන්ගේ අභ්‍යන්තර දර්ශන, විභාගාත්මක සිතීම හා නිර්මාණාත්මක අදහස් හුවමාරුව තුළ ප්‍රඥා මාර්ගය විවර කර ගැනීමට කටයුතු කිරීම අප බුද්ධික කලම්බනය ලෙස හඳුන්වයි. ඒ අනුව නුවණින් විමසීම, ගැටලු පිළිබඳ නිදහස්ව ව්‍යාප්ත අදහස් හුවමාරුවක් සිදුකිරීම, නිරායාසයෙන් හා විවෘත පරිසරයක සිදුවූ විට ප්‍රඥාව අවබෝධ කරගන්නා මාර්ගයක් වශයෙන් යෙදිය හැකිය