මායාව විනිවිද සත්‍යය දකින්නට!
අප තුළ ප්‍රඥාවේ නැණ පහන් දල්වා ගන්නට!

මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණය
මිහිමත ඉපදෙන සෑම මිනිසෙකුම තම මානසික තලයෙහි නිර්මාණය වන ද්විත්ව ක්රියාකාරීත්වයකට (ද්වතාවය) අසුවී සිතයි. ක්‍රියා කරයි. නැතහොත් ජීවත් වෙයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇස, කන, නාසය, දිව, ශරීරය යන සංවේදීතාවයන් ලෝකය ලෙස හැඳින්වෙන ද්‍රව්‍ය පුද්ගල සිද්ධීන් සමග නොනිවී ඇවිලෙමින් පවතිනු ඇත. මෙම නොනිවෙන ඌණතාවයන් පූර්ණය කර ගනු පිණිස මිනිසා විසින් සබඳතා උපයෝගී කරගෙන ලෝකයක් අත්විඳි.
මෙම මායාව විනිවිද සත්‍ය දැකීමට, අප තුළ ප්‍රඥාවේ ණැන පහන් දල්වා ගැනීමට තමා තුළ සිදු කරන්නා වූ සැබෑ පර්යේෂණයක අවශ්‍යතාවය අවකාශය තුළ පැන නැගී ඇත.
පුවත් සහ වැඩසටහන්
පොසොන් පොහොයට සමගාමීව පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය.
(2025 ජූනි මස 09 වන සදුදා)
සකල ලෝකවාසී ජනයා හට සුඛය ශාන්තිය පතමින්...
2025 පොසොන් පෝය නිමිතිකර මානව ධර්ම විද්‍යාව සහ අධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රය...
ඉපැරණි පිරමීඩ තාක්ෂණය උපයෝගි කර උතුම් තෙරුවණ පුෂ්ප පිරමීඩ පූජාවෙන් පුදා...
බුදුන් වහන්සේ වදාළ බලවත් ශ්‍රී මුඛ දේශනාවන් පුනරුච්චාරණය කරමින් වාතලය කම්පනය කළ වගයි!
පාස්කු ඉරු දින වැඩසටහන
(අප්‍රේල් 19, 2025)
සදහම් සිසිල ලොවැසි ජනයා වෙත ආදරණීයව පිරිනැමීම සඳහා ජේසුස් වහන්සේ කුරිරු ඔහු ජීවිත යාගයෙන් සිදුකළ හෙළිදරව්ව සමරනු වස් 2025 අප්‍රේල් මස 19 වැනි ශනි දින මානව ධර්ම සහ අධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රයේ දී අර්ථයෙන් ධර්මයෙන් නිරුක්තියෙන් පැහැදිලි වන පරිදි සංවිධානය කළ සෞන්දර්යාත්මක දහම් විවරණය මෙසේ දිගහරින වගයි.