පුවත් සහ වැඩසටහන්

සකල ලෝකවාසී සැමට සෙත්පතා පවත්වන ලද වෙසක් පොහෝදා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය.

(මැයි 18, 2019)

මෛත්‍රියෙන් පිරුණු ලෝකයකට පාරමී පුරනා මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රය.

More Details

විශේෂ භාවනා වැඩසටහන.

(දෙසැම්බර් 24, 2018 - දෙසැම්බර් 28, 2018)

2018 දෙසැම්බර් මස 24 වන සඳුදා දින පෙරවරු 04.30 සිට 28 වන සිකුරාදා දින පස්වරු 10.00 දක්වා පුරා දින පහක් මුළුල්ලේ පවත්වනු ලබන විශේෂ නේවාසික භාවනා වැඩසටහන මානව ධර්ම හා ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පරීක්ෂණ කේන්ද්‍රයේදී පැවැත්වේ.

වැඩසටහනේ මූලික අරමුණ වන්නේ අභ්‍යන්තර සාමය සහ ආධ්‍යාත්මික අවදිවීම ප්‍රායෝගිකව අත් විඳීමට අවශ්‍ය කරන්නා වූ අවකාශය සැලසීමය.

පින්වත් ඔබ සියලුදෙනාටම කාරුණිකව ආරාධනා කරන්නෙමු.

තෙරුවන් සරණයි!


"ඒතේන සච්චේන සුවත්ථි හොතු...!"

(දෙසැම්බර් 30, 2018)

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය 2018 දෙසැම්බර් මස 30 වන ඉරුදින පස්වරු 7.00 සිට පසුදා පහන් වනතුරු මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රයදී පැවැත්වේ.

පින්වත් ඔබ සියලුදෙනාටම කාරුණිකව ආරාධනා කරන්නෙමු.

තෙරුවන් සරණයි!